තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය post thumbnail image

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය

වර්තමානය වන විට මිනිසාගේ දෛනික ජීවිතයේ ඉතා වැදගත් සාධකයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාකෂණය පත්ව ඇත. එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ බොහෝ මිනිස් ක්‍රියාකාරකම් සඳහා විසඳුම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය උපයෝගී කරගනිමින් සපුරා ගත හැකි වීමයි. එමෙන්ම එම විසඳුම් වඩාත් ඵලදායී සහ වේගවත් කාර්යක්ෂම වීම නිසා තොරතුරු තාක්ෂණය ඉතා වේගයෙන් මිනිසා හට සමීප වී ඇත.

වර්තමානය වන විට එහි අවශ්‍යතාවය සෑම ජන කොට්ඨාසයකටම අවබෝධ වීමට ප්‍රධාන හේතුවක් ලෙස පවතින කොවිඩ් 19  වසංගත තත්ත්වය ද හේතුවක් වී ඇත. ඒ මන්ද යත් වර්තමානය වන විට තම දෛනික ජීවිතයේ අවශ්‍යතා මෙන්ම රැකියා කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යන මේ අත්‍යවශ්‍ය කාරණා නිවසේ සිටම ඉටු කර ගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය දායක වීමයි.

සන්නිවේදන තාක්ෂණය

සන්නිවේදන තාක්ෂණය යනු සංඛ්‍යාංක (Digital) හෝ වෙනත් ආකාරයකට තොරතුරු විසුරුවා හැරීමට තාක්ෂණික ක්‍රමවේද භාවිත කිරීමයි.

The study or use of systems (especially computers and telecommunications) for storing, retrieving, and sending information.

information technology consultants

තොරතුරු තාක්ෂණ උපදේශකයින්ගේ අර්ථකතනය අනුව,

සන්නිවේදන තාක්ෂණය යනු, තොරතුරු ගබඩා කිරීම, ලබා ගැනීම සහ යැවීම සඳහා පද්ධති (විශේෂයෙන් පරිගණක සහ විදුලි සංදේශ) අධ්‍යයනය කිරීම හෝ භාවිතා කිරීම වේ.

දත්ත – Data

දත්ත යනු අවිධිමත් අර්ථ රහිත හා අසංවිධිත අංග සමූහයකි. එනම් කිසිදු අයුරකින් සකස් කිරීමකට භාජනය නො නොකළ කරුණු ය. එම දත්ත,

  • ලිඛිත සටහන්
    • සංඛ්‍යාවක් ලෙස – 0..1..8,
    • අක්ෂර ලෙස – අ.. ඩ..A…c…Z..,
    • විරාම ලක්ෂණ ලෙස – . , “,
    • විශේෂ සංකේත ලෙස – @.. $…+..&)
  • දෘශ්‍ය ලෙස
  • ශ්‍රව්‍ය ලෙස පවතී.

දත්ත ප්‍රධාන වශයෙන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක ලෙස වර්ගීකරණය කළ හැකිය.

ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)

ප්‍රමාණාත්මක දත්ත යනු එක් එක් දත්ත ඒ හා සම්බන්ධ නිශ්චිත (Unique) සංඛ්‍යාත්මක අගයක්, ගණනය කිරීමක් හෝ සංඛ්‍යා ස්වරූපයෙන් දැක්වීමක් වේ. මෙම දත්ත ගණිතමය ගණනය කිරීම් සහ සංඛ්‍යානමය විශ්ලේෂණයන් සඳහා භාවිතා කළ හැකි ප්‍රමාණාත්මක තොරතුරු වන අතර, මෙම දත්ත ගණිතමය ක්‍රියාවලියකට භාජනය කර ලබාගන්නා තොරතුරු මත පදනම්ව සැබෑ ජීවිත තීරණ ගත හැකිය. “කීයක්?”, “කී වතාවක්?”, “කීයක්ද?” වැනි ප්‍රශ්නවලට පිළිතුරු දීමට ප්‍රමාණාත්මක දත්ත භාවිතා කරයි. මෙම දත්ත සත්‍යාපනය කළ හැකි අතර ගණිතමය ශිල්පීය ක්‍රම භාවිතයෙන් පහසුවෙන් ඇගයීමට ලක් කළ හැකිය.

  • දත්ත සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ හැක.
  • අංක ගණිතමය ක්‍රියාවලියකට භාජනය කළ හැක.
  • සංඛ්‍යාත්මකව අනුපිළිවෙලකට සැකසිය හැක.
  • සංඛ්‍යා විද්‍යාත්මකව සැකසිය හැක.
ගුණාත්මක දත්ත (Qualititative Data)
  • සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ නොහැකි දත්ත
    • උදා: හැඩය, වර්ණය, ශබ්දය…. ආදිය

අදාළ පුද්ගලයාට අර්ථවත් වන සේ සකස් කරනු ලබන දත්ත තොරතුරු නම් වේ. එනම් දත්ත සකස් කිරීමකට භාජනය කිරීමෙන්  තොරතුරු ලබාගත හැකි වේ.

තොරතුරු – Information

තොරතුරු නිර්මාණය වන්නේ දත්ත සකස් කිරීමේ ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් වේ.

පරිසරයේ ඇති විවිධ අංක, වචන, සංකේත ආදී බොහෝ විසිරී ඇති දෑ අතරින් මිනිසා තම අවශ්‍යතාවය අනුව දත්ත රැස් කරයි. එම රැස් කරගත් දත්ත මගින් තොරතුරු නිර්මාණය කරගන්නා අතර, එම තොරතුරු තීරණ ගැනීම සඳහා උපයෝගී කර ගනී.

දත්ත සැකසීම සිදු කෙරෙන ආකාර දෙකක් ඉදිරිපත් කල හැකිය.

  • අතින් සැකසීම – Manual Processing
  • පරිගණක පාදක සැකසීම – Computer Based Processing

තොරතුරු වල ලක්ෂණ

  • අර්ථවත් වේ.
  • පෙර දැනුම නවීකරනය කරයි.
  • අන්තර් සන්නිවේදන මාධ්‍යයකි.
  • කාලීන වන අතර තීරණ ගැනීමට උපකාරී වේ.
  • නිශ්චිත වටිනාකමක් ඇත.
  • තොරතුරු වල් වටිනාකමකම රඳා පවතින්නේ එහි අදාලත්වය මතයි.
  • තොරතුරු නිර්මාණය කරන මොහොතේ එහි වටිනා වටිනාකම වැඩි වන අතර, කාලයත් සමඟ එහි වටිනාකම් අඩු වී නැවත දත්ත බවට පත්වේ.

තොරතුරු වල අදාළත්වය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. එසේම තොරතුරක් සෑම විටම, අදාල කාර්යය සඳහා ගැලපිය යුතුය. ප්‍රමාණවත් විය යුතුය.  නිවැරදි විය යුතුය.  භාවිත කරන  පුද්ගලයාට පැහැදිලිව තේරුම් ගැනීමට හැකි විය යුතු අතර විශ්වාස කළ හැකි විය යුතුය.

සන්නිවේදනය

මිනිසා ශිලා යුගයේ සිට මේ දක්වා ආ ගමනේ දී ක්‍රමයෙන් සන්නිවේදනයේ අවශ්‍යතාවය වැඩි විය. එමෙන්ම තීරණ ගැනීම, සැලසුම් කිරීම, අනාවැකි ප්‍රකාශ කිරීම සඳහා තොරතුරු අවශ්‍ය විය.

අතීතයේ මිනිසා මෙම තොරතුරු සන්නිවේදනය සඳහා,

  • හූ හඬ
  • ගිණි මැල
  • අණ බෙර
  • පක්ෂීන්
  • ඊතල විදීම

වැනි දෑ යොදා ගත්හ.

වර්තමානය වන විට තාක්ෂණයේ දියුණුවත් සමග මෙම සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා විවිධ මෙවලම් නිර්මාණය කරගත් හ. එම නූතන සන්නිවේදන මෙවලම් කිහිපයක් ලෙස,

  • පරිගණකය – Computers
  • ගුවන් විදුලි යන්ත්‍රය – Radios
  • රූපවාහිනිය – Televisions
  • ස්ථාවර දුරකතන – Fixd Phones
  • ජංගම දුරකතන – Mobile Phones

හඳුන්වා දිය හැක.

එනම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු,

පරිගණක තාක්ෂණය, ඉලෙක්ට්‍රෝණික තාක්ෂණය, සහ විදුලි සන්දේශන තාක්ෂණය වැනි විවිධ තාක්ෂණයන් උපයෝගී කර ගනිමින් දත්ත සකස් කර ලබා ගන්නා තොරතුරු සංඛ්‍යාංක (Digital) හෝ අන් ආකාරයකට අනුග්‍රාහකයන් වෙත විසුරුවා හැරීම වේ.

References :

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Post

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලියතොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

පද්ධති – Systems   පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා නිරන්තර අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතුව කටයුතු කරන සංඝටක සමූහයක එකතුවකි. උදා: රුධීර සංසරණ පද්ධතිය, ආහාර ජීර්ණ පද්ධතිය, පාසල් පද්ධතිය,

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑලඅන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

අන්තර්ජාලය- Internet   අන්තර්ජාලය යනු, ලොව පුරා පිහිටි පරිගණක ජාල වල එකතුවකි. ලොව පුරා තොරතුරු සන්නිවේදනය කරගැනීමට ඇති වේගවත් ම මාර්ගය වේ. (Information Super Highway) අන්තර්ජාලය භාවිතය පිළිබඳ ප්‍රතිපත්ති සහ

ගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීමගැටළු විසඳීමට ක්‍රමලේඛ ලිවීම

11 ශ්‍රේණිය පළමු පාඩම වන ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම යන ඒකකයට අයත් පාඩම් සටහන් මෙම ලිපියට ඇතුළත් කර ඇත. මෙම මෙය හොඳින් පරිශිලනය කර ගැටලු විසඳීමට ක්‍රමලේඛ ලිවීම සඳහා අවශ්‍ය